නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සඳහා ස්ථීර සේවකයින්ට අමතරව තාවකාලික සේවකයින් ද යොදා ගැනීමට පියවර ගෙන ඇත.නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම නොවැම්බර් 09 දින අවසන් වෙයි.
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු 26 වැනිදා සිට ආරම්භ වූ අතර නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු නොවැම්බර් මස අට වැනිදා (08 වැනිදා) අවසන් කරන බවත් නිවාස පනස් හතර ලක්ෂයකට නිල ඡන්ද පත්‍රිකා බෙදීමට නියමිත බවද තැපැල්පතිවරයා පැවසීය.
එමෙන් ම යම් ලෙසකින් නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණු ඡන්ද දායකයෙක් වේ නම් ඔහුට තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලවට ගොස් තම අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද පත්‍රිකාව ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ( පර්යේෂණ හා සැලසුම් ) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට දන්වා සිටියේ ය.