නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඔක්තෝබර් මස 26 වන දා සිට තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලදී. මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් වශයෙන් ඊයේ (03) දිනයේ ද බෙදා හැරීමේ කටයුතු සිදු විය.
සියලුම නිල ඡන්ද පත්‍රිකා ජනතාව වෙත බෙදා හැරීම නොවැම්බර් මස 09 වනදා වන විට බෙදා හැර අවසන් කිරීම බලාපොරොත්තු වන බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
යම් ලෙසකින් නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණු ඡන්ද දායකයෙක් වේ නම්, ඔහුට තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස් තම අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත හැකි බව රංජිත් මහතා මහජනතාව වෙත දැනුම් දැනුම් දුන්නේ ය.