පාර්ලිමේන්තුවට කාරක සභා වාර්තා පිළිගන්වන අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විශ්වවිද්‍යාලවල අරමුදල් සම්බන්ධයෙන් සහ සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් සිදු කළ අඳහස් දැක්විමට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා මේ බව සඳහන් කළේ ය.
මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ සහ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරවන බවත් සමහර විශ්ව විද්යාලව ගිණුම් අවුරුද්ද දෙක ප්‍රමාද වූ අවස්ථා තිබුණු බවත් කතානායකවරයා පෙන්වා දුන්නේ ය.
අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව් වැනි වාර්තාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළේ ය. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තාව මෙලෙස ඉදිරිපත් කෙරිණි.