මෙම ගිවිසුමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා සහ ඕස්ට්‍රේලියානු භූ විද්‍යා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ජේම්ස් පොන්සන් යන මහත්වරු අත්සන් තැබූහ. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ (භූ විද්‍යා) උදය ද සිල්වා යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගීී වූහ.
මෙම අවබෝධතා ගිවිසුමට (05) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.