යුද,නාවික, හා ගුවන් යන ත්‍රිවිධ හමුදා මුලස්ථාන හා ආරක්ෂක අමාත්‍යාංශය එකම ස්ථානයක, ස්ථානගත කිරිමේ අරමුණින් අක්කර 77 ක භුමි භාගයක මෙය ඉදිකර තිබේ.මෙම ඉදිකිරිම් සඳහා රුපියල් බිලියන 53.3 ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති අතර මෙය ශ්‍රි ලංකාවේ දැනට ඉදි කරන විශාලතම ගොඩනැගිලි සංකිර්ණය වේ.
දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින යුධ හමුදා මුලස්ථානයේ විවිධ අංශ මින් ඉදිරියට එකම ස්ථානයකට ගෙන ඒම මෙහි ප්‍රධාන අරමුණ වේ.