දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින්තැන සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, දකුණු, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100)පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.
උතුරු-මැද, සබරගමුව, මධ්‍යම,බස්නාහිර සහ ඌව පළාත්වල විශේෂයෙන් උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද අද (10) නිකුත් කළ කාලගුණ නිවේදනයෙන් කියයි.