දිවයිනේ බොහෝ ප්‍රදේශවලප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100)පමණ තරමක තද වර්ෂාපතනයක් ද වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. (50-75)පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.