ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පළමුව ක්‍රීඩ පනත පිළිබඳ විවාදය ආරම්භ කළේ ය.
මෙහි වැදගත් කම තේරුම් ගෙන පාර්ලිමේන්තුව කැඳවීම ගැන ස්තූතිවන්ත වෙනවා. ලංකාවේ ක්‍රීඩාව විනිවිදභවය දකින්නට පාර්ලිමේන්තුවට මෙම පනත ගෙන එන විට එයටත් සංශෝධන ගෙන එන්නට කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා සඳහන් කළ අතර මේ සම්බන්ධව පසුව විවාදයේ දී පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
පක්ෂ භේදයක් ගැන සිතන්නේ නැතිව රට ගැන සිතා ක්‍රීඩාවේ දූෂණය වැළැක්වීමට මෙම ක්‍රීඩා පනත් කෙටුම්පත ගෙන එන බව මෙහිදී අඳහස් දැක්වූ සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ ය.