ඒ අනුව, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ තියෙන ප්‍රතිපාදන අනුව 70 වගන්තියට අනුව මෙම තහනම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (13) පොලිස් මුලස්ථානයේ දී පවසන ලදී.
ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර සතියක් ගතවන තුරු මෙම තහනම බලපැවැත්වෙන බවත්, නිහඬ කාලය ලෙස හැඳින්වෙන මෙම කාලය නීතියෙන්ම පත් කර ඇත්තේ රටේ ජනතාවට කිසිඳු බාධාවකින් හෝ බලපෑමකින් තොරව නිදහසේ ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාවක් ලබා දීමට බවත්, රටේ සාමය ආරක්ෂා කර ගැනීමටත් අවශ්‍ය බැවින් මෙම නීතියට අනුව ක්‍රියා කරන ලෙස අදාළ පක්ෂවල නියෝජිතයින් සහ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටින අතර මෙම ඉදිරි දින කිහිපයේ දී නෛතික ප්‍රතිපාදන වලට පටහැනිව කටයුතු කරන්නන් හට දැඩි නීතිමය දඬුවම් ලබා දීමට කටයුතු කරන බව ද ඒ මහතා පවසන ලදී.
එලෙස නීතිය කඩන පුද්ගලයින් හඳුනාගෙන එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත්, නිහඬ කාලය තුළ නිතිය උල්ලංඝණය කිරීම සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවත් රුවන් ගුණසේකර මහතා කියා සිටි.