ඒ අනුව මේ වනවිට ඊට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු අද සිට ආරම්භ වන අතර ඒ සඳහා බස් රථ 1366ක් යෙදවීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන තිබේ. එමෙන් ම ඡන්ද නිලධාරීන් මෙන් ම ආරක්ෂක අංශ නිලධාරීන් ප්‍රවාහනය කිරීමට ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
ඡන්දය පැවැත්වෙන ඡන්ද ස්ථාන වෙත විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට ශ්‍රී ලංකා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ. නිහඩ කාල සීමාව තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලීසිය කටයුතු කරයි. කිසියම් පුද්ගලයකු මේ කාල සීමාව තුළ නීති විරෝධී ක්‍රියාවක යෙදුන හොත් ඊට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
ඡන්ද විමසීම අවසන් වන තුරු හා ප්‍රතිඵල නිකුත් කෙරෙන කාල සීමාව තුළ හා ඉන් පසුවත් ආරක්ෂාව සඳහා ජංගම යතුරු පැදි, රථ හා පොලිස් නිලධාරීන් යොදවා තිබේ. ඒ සඳහා පොලිස් නිලධාරීන් 60000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට පියවර ගෙන තිබේ.එමෙන් ම අවශ්‍ය ඕනෑම අවස්ථාවක කැන්න්ස්දවීමට ආරක්ෂක හමුදාව සීරුවෙන් තබා තිබේ.
මෙවර ඡන්දය සඳහා ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වී සිටින අතර ඡන්ද දායකයින් 15,992096ක් සුදුසුකම් ලබා තිබේ.ඡන්ද ස්ථාන 12845ක් ක්‍රියාත්මක වෙයි.මෙවර මැතිවරණ රාජකාරි සඳහා ලක්ෂ ද්කකට අධික රජයේ නිලධාරීන් යොදවා තිබේ. ගණන් කිරීමේ මධ්‍යස්ථාන 43ක් ක්‍රියාත්මකය.
මෙවට ජනාධිපතිවරනයේ නිල ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් පමණ දිගින් යුතු වෙයි. අපේක්ෂකයින් ගණන 35ක් වීම මෙයට හේතුව බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.ඡන්දය භාවිතා කිරීමේ දී වලංගු හැදුනුම්පතක් රැගෙන යාම අනිවාර්ය වී තිබේ. එමෙන් ම සවස 5.00 වන තෙක් නොසිට සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාසහ් කිරීමට උත්සහ ගන්නා ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙවර තැපැල් ඡන්දය සඳහා ඡන්ද දායකයින් හත්ලක්ෂ පනස් නවදහස් තුන්සිය දාහතක් සුදුසුකම් ලබා තිබුණි. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය මස 31 දින ආරම්භ වූ අතර එය නොවැම්බර් මස 01 ,04 සහ 05 දිනවල පැවැත්විණි.
පසුගිය මැතිවරණ හා සසඳන විට සාමකාමී වාතාවරණයක් දැකිය හැකි බව දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
ජනාධිපතිවරනයේ පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට (16) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි. මෙවර ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්ද හිමි නාම ලේඛනයම භාවිතා කරයි.ඒ අනුව ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 15,992,096කි.2015 සිට 2018 දක්වා කාලය තුළ ඡන්ද දායකයින් 947606ක් අලුතින් ලියාපදිංචි වී තිබේ.ඒ අනුව මෙවර ජනාධිපතිවරනයේ සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 15,992,096ක් වෙයි.