එබැවින් වසේ වැඩි මිලට තිරිඟුපිටි විකුණන වෙළඳුන්ට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කරන බව ද සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ අතර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මිය පවසන්නේ තිරිඟුපිටි සමාගම් වලට ඒක පාර්ශ්විකව එවැනි මිල වැඩි කිරීමක් කළ නොහැකි අතර ඒ නිසා මෙම මිල වැඩි කිරීම් වලට රජය අවස්ථාවක් ලබා නොදෙන බවත් කීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව වැඩිමිලට තිරිගුපිටි අලෙවිකරණ වෙළදුන් වටලා කිසිදු තරාතිරමක් නොබලා වහාම පාරිභෝගික කටයුතු පිළිබද පනත ප්‍රකාරව නීතිමය පියවර ගන්න ලෙස විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් විසින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත නියෝග කර ඇත.
මේ අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නියමකර ඇති මිල කිලෝව රු 87.00 ට වඩා වැඩිමිලට තිරිගුපිටි අලෙවිකරනු ලබන සියලුම වෙළදුන් වැටලීම් කර ඔවුන්ට එරෙහිව වහාම නීතිමය කටයුතු සිදුකිරීමට සියළු නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත