එම බස්ගාස්තු අඩු කිරීම රුපියල් 10 ත් 20 ත් අතර ප්‍රමාණයකින් සිදු කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ අද (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් 2019 නොවැම්බර් මස 08 වැනිදා නිකුත් කළ අංක 2148/47 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් අධිවේගී මාර්ගවල ගමන් කරනා බස්රථවල ප්‍රවේශ ගාස්තු අඩු කිරීම සඳහා පියවර ගෙන ඇත. එලෙස බස් ගාස්තු අඩු කිරීම රුපියල් 600ත් 500ත් අතර ප්‍රමාණයක් වේ. එලෙස මිල අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබා දීමේ අරමුණින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙසට අද (15) මධ්‍ය රාත්‍රියේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්රථවල මගී ගමන් ගාස්තුද අඩු කිරීමටද තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මේ මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති, ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි ඇතුළුව අමාත්‍යාංශ නිලධාරීහු රැසක් එක් වූහ.