මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා මේ බව පැවසීය.
එහිදී සභපතිවරයා මෙසේ ද පැවසීය.
දිවයින පුරා ඡන්ද මධ්‍යාස්ථාන 12845ක ඡන්දය ආරම්භ වෙයි. අද (16) පෙරවරුවේ ඡන්ද පොලට ගොස් ස්වකීය ඡන්දය භාවිතා කරන්න. ඡන්දය ඔබේ බලයයි, ඔබේ ශක්තියයි , ඔබේ අනාගතයයි. කිසිදු ප්‍රචණ්ඩකාරී සිද්ධියක් ඇති වීමක් වේ යැයි බියෙන් හෝ තර්ජනයක් බියගැන්වීමක් යැයි සිතා බියට පත්වන්නට එපා.
ශ්‍රී ලංකා පොලීසිය මේ සඳහා සියලු ආරක්ෂිත විධිවිධාන සළස්වා තිබෙනවා.ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ තේරීම්භාර නිලධාරීන්ගේ නිලධාරීන් මුළු දිවයින පුරාම පොලිස් නිලධාරීන්ට අමතරව සංචාරය කිරීම් සිදු කෙරෙනවා.
මෙම ඡන්ද විමසීමේ දී ආරක්ෂක හමුදා කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන බව අවධරනයෙන් යුතුව ප්‍රකාශ කරනවා. හදිසි අවස්ථවක පොලීසියේ සහායට එක්වනවා ඇත.