මාධ්‍ය උපමාන අනුව කටයුතු නොකළ ආයතන වලට මැතිවරණ ප්‍රතිඵල ලබා නොදීමට අවධානය යොමුව ඇතැයි පවසන සභාපතිවරයා, ඒ පිළිබඳ අද (16) සවස කොමිෂන් සභාව රැස් වී සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බව අද (16) උදෑසන පැවති සජීවී මාධ්‍ය වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන දේශප්‍රිය මහතා පවසන්නේ,
ඡන්ද පත්‍රිකාව ඉතා දිගු නිසා ඡන්ද මධ්‍යස්ථානයක පෝලිම් 03ක් යෙදීමට තීරණය කළ බවත් සවස 5.00 වන තෙක්ම දිගු පෝළිමක් තිබේදැයි තමාට සැකයක් ඇති බවත් ඒ මහතා පැවසීය. තවද මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් මේ වන තුරුද වාර්තා වී නොමැති වීම අගය කරන බවත් දේශප්‍රිය මහතා පැවසීය.