රජයේ නිලපුවත් වෙබ් අඩවිය ඔස්සේ සකස් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරෙන වෙබ් අඩවිය ක්‍රියාත්මක කිරීම ආරම්භ වන්නේ නිල ප්‍රතිඵල ලබදීමත් සමඟය. එසේ නොමැතිව වෙබ් අඩවිය කලින් නැරඹීමේ අවස්ථාවක් නැත.
එසේ නොමැතිව වෙබ් අඩවිය අක්‍රීය වී ඇති බවට සිදු කරන ප්‍රකාශ, තරයේ බැහැර කරන අතර මෙම පුවත් පල කර තිබෙන වෙබ් අඩවි විසින් පලකර තිබෙන අක්‍රීය වෙබ් අඩවිය බවට සඳහන් කර තිබෙන රූප රාමුවද ව්‍යාජ එකකි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ රජයේ නිලපුවත් වෙබ් අඩවිය මේ වනවිටත් ජනාධිපතිවරණය නිල ප්‍රතිඵල එසැනින් නිකුත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටියි. මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදෙන නිල ප්‍රතිඵල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් සැනින්, එසැනින් ජනතාවට දැන ගැනීමට අන්තර්ජාල මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
රජයේ නිලපුවත් වෙබ් අඩවිය www.news.lk සහ ඒ හා බැදුණු සමාජ මාධ්‍ය ජාලය හරහා මෙන් ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය www.dgi.gov.lk හා එහි සමාජ මාධ්‍ය ජාලය හරහා ඔබට නිල ප්‍රතිඵල එසැනින් ලබා ගත හැක.
එමෙන් ම නිලපුවත් වෙබ් අඩවි මඟින් නිල වශයෙන් ප්‍රසිද්ධ කරන ප්‍රතිඵල ඔබට ලබාගැනීමට අප ඉඩ සළසා දී තිබේ. ආකෘතියේ කිසිදු විකෘති කිරීමකින් තොරව නිල ඡන්ද ප්‍රතිඵල ඔබට ලබා ගත හැකිය.
www.elections.news.lk වෙබ් අඩවියට මේ මොහොතේ පිවිසෙන විට දිස්වන ආකාරය මෙසේ ය.
අසත්‍ය රූප රාමුව