ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    දිවයින පුරා සාමකාමී වාතාවරණයක් -  පොලිස් ජංගම සංචාර සහ මාර්ග බාධක රාජකාරි තවදුරටත් ක්‍රියාත්මකයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    නොවැම්බර් 18, 2019

    නාම යෝජනා ලබා දුන් දිනයේ සිට ජනාධිපතිවරණය පවත් වන ලද ඊයේ (17) දිනය දක්වා කාලය තුළත් ඡන්දය පැවැති කාලයේ දීත් ඉන් පසුවත් කිසිඳු බරපතල සිදුවීමක් වාර්තා වී නොමැති බවත් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ඉතා සාමකාමී වාතාවරණයක් පවතින බව අද (18) පශ්චාත් මැතිවරණ සමයේ ආරක්ෂාව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියි.

    එමෙන්ම, ජනාධිපතිවරණ පනතේ තිබෙන ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීම සඳහා මෙන්ම සාමය ආරක්ෂා කිරීමට කටයුතුකිරීමත් ඒ ඒ පොලිස් වසම්වල ජංගම සංචාර සහ මාර්ග බාධක රාජකාරි තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya