ඇතැම් සුබ පැතුම් එම රාජ්‍ය නායකයින්ගේ නිල සමජ මාධ්‍ය අඩවි වන ෆේස් බුක් සහ ඉවිටර් වැනි අඩවි වල පළ කර තිබේ. ජනාධිපතිවරයාගේ ජයග්රහනයෙන් අනතුරුව ඉන්දීය අග්රාමාට්ය නරෙන්ද්‍ර මෝදි මහතා සිය ට්විටර් ගිණුම වෙත
පණිවුඩයක් යොමු කරමින් මෙලෙස සුබ පැතුම් එක්කර ඇත.
ඉන්දීය අගමැතිවරයා කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම දෙරට අතර සබඳතා තරකර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමීපව කටයුතු කරන බවද ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සතුටට පත්වන බවද අපගේ රටවල් දෙක සහ පුරවැසියන් අතර සමීප හා සහෝදර සබඳතා ගැඹුරු කිරීම සහ සාමය, සමෘද්ධිය මෙන්ම අපගේ කලාපයේ ආරක්ෂාව සඳහා සමීපව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවද පෙන්වා දී ඇත. මැතිවරණය සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාවට සුබ පතන බවද ප්‍රකාශ කර ඇත.
පාකිස්ථාන ජනාධිපති Dr Arif Alvi මහතා සිය නිල ට්විටර් අඩවියේ පණිවිඩයක් සටහන් කරමින් ජයග්‍රහනය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් පිරි නමා තිබේ. කලාපීය ආරක්ෂව ස්ථාවරය වෙනුවෙන් එකතු වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තනාපතිනිය Teplitz මහත්මිය ද සිය ට්විටර් පණිවුඩය මඟින් සුබ පැතුම් එක් කර තිබූ අතර ආර්ථික අභිවෘද්ධිය,ඇති කරමින් ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද එම පණිවුඩයෙන් සඳහන් කර තිබේ.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින්ද ට්විටර් පණිවුඩයක් නිකුත් කොට තිබේ.
ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවකට සහාය දැක්වීමේදී යහපාලනය, ආර්ථික වර්ධනය, මානව හිමිකම්වල දියුණුව සහ සංහිඳියාව යන කරුණු සම්බන්ධයෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙමු” යනුවෙන් එහි දැක්වේ.
ඉන්දියාවේ හිටපු ජනාධිපති Pranab Mukherjee මහතා සුබපතමින් ඉන්දු ශ්‍රී ලංකා සහයෝගීතාවය ශක්තිමත් වනු ඇතැයි සඳහන් කර තිබේ. ඉන්දියාවේ සුප්‍රසිද්ධ දේශපාපඥයකු වන Subramanian Swamy මහතා සිය සතුට ප්‍රකාශ කරමින් ට්විටර් ඔස්සේ
පණිවුඩයක් නිකුත් කර තිබුණි.
එමෙන් ම ශ්‍රී ලංකාවේ සහ විදෙස් රටවල පිහිටි තානාපති කාර්යාල රැසක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනයට සුබ පතමින් පිණිවුඩ නිකුත් කර තිබේ.