මෙම පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (19) සිදු කොට තිබේ. ජීනිවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා නියේජිතයා වශයෙන්ද තානාපතිවරයෙකු වශයෙන්ද රටවල් ගණනාවක ම සේවය කොට ඇති ආර්යසිංහ මහතා, ශ්‍රි ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ද ඒ මහතා විදේශ ලේකම් ධූරයට පත් කරනු ලැබීය.