දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්විමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටිමට නියමිත අතර ඉන් 433,050 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙයි.
තවද මෙවර විභිගට සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. විභාගය සඳහා අයදුම්කර ඇති බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් රත්මලාන, තංගල්ල, මාතර, හලාවත සහ කොළඹ මැගසින් යන බන්ධනාගාරවල විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.මේ අතර මහරගම අපේක්ෂා රෝහල, වටරැක සුනීත විද්‍යාලය, නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේද, විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.