මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අනතුරුව රාජකාරි ආරම්භ කිරීම සිදු විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) පස්වරුවේ මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්ය ධූරයේ දිවුරුම් දුන්නේ ය.
මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යවරය ලෙස පත් වන්නේ තෙවැනි වරටය. ශ්රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේ ය. තිස්වසරක යුද්ධය නිම කිරීමට නායකත්වය ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ අතර එවකට මහින්ද රාජපක්ෂ රජය දැවැන්ත සංවර්ධන යෝජනා රැසක් ක්රියාත්මක කළේ ය.
නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් එක් වී සිටියේ ය.