එතුමිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැඩ බාරගැනිම ද අද (22) දින පස්වරුවේ යෙදුන සුභ මොහොතින් සිදු කරන ලදි.
වැඩබාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “මම මීට අවුරුදු 25 කට කළින් මෙම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසින් මේ රටේ ජනතාවට සෑහීමකට පත්විය හැකි අයුරින් ගුණාත්මක සේවාවක් ලබාදීමට කටයුතු කළා. ඒ නිසා මෙය මට බොහොම හුරුපුරුදු පරිසරයක් සහ හුරුපුරුදු වැඩ කොටසක්. මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගන්වන්න විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ රජය බලාපොරොත්තු වන මේ රටේ ජනතාව බලාපොරොත්තු වන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එම ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් ඉෂ්ඨ කිරීමට අපි කටයුතු කරනවා. එම වගකීම අපි අද ඉදලා බාරගත්තා.ඒ සදහා එක පවුලක මිනිසුන් වගේ අපි ඒසදහා කැපවිය යුතුයි. ඒම කටයුත්තේ දී මේ රටේ ජනතාවට රෝග නිවාරණ හා රෝග ප්‍රතිකාර අංශයෙන් ඇතුලු හැම අංශයකින්ම හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදෙන්න සියලු දෙනා එකාවන්ව කැපවෙමු.”
“මේ රටේ ජනතාව පුහු ආටෝප වැඩවලට කිසිසේත්ම කැමැති නැහැ. අපි පයින් ඇවිදගෙන යනකොට අපි හිතනවා කවුරුත් දකින්නේ නැහැ කියලා. හැබැයි වැලිකැට දහස් ගණනක් අපි ඇවිදගෙන යනකොට අපි දිහා බලාගෙන ඉන්නවා. මේ රටේ මිනිස්සු අපි කරන කියන හැම දෙයක්ම හොද අවබෝධයකින් හොදට බුද්ධිමත්ව බලාගෙන ඉන්නවා. එම නිසා ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය බොහොම සරලව ජනතාවාදීව තමන්ට උපරිම ප්‍රමාණයෙන් අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ජනතාව බලාපොරොත්තු වුණ තැනට මේ රට ගෙනියන්න කටයුතු කරනවා. මාව සුහදව පිළිගැනීම සම්බන්ධයෙන් සියලු දෙනාටම හෘදයාංගම ස්තූතිය පුද කරනවා”
මේ අවස්ථාවට අමාත්‍යාංශය යටතේ ඇති ආයතන රැසක් නිලධරීහු පිරිසක් එක්ව සිටියහ.