ජනතාව භාර දුන් වගකීම් ඉටු කිරීමට තමන් කිසිසේත් පැකිලෙන්නේ නැතැයි බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැදුටු අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ ය.
එහිදී රටේ පවත්නා වත්මන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළ අතර ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක වන ලෙස බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ආශිර්වාදය ලබා දුන්හ.