රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය වන්දනාමාන කිරීම සඳහා ජනතාවට ලබාදෙන අවස්ථාව අද (25) මධ්‍යහ්නෙන් අවසන් වෙයි. රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කිරීම 26 වනදා පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.
'රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය' වැඳපුදා ගැනීම සඳහා ජනතාවට මිට පෙර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සහ කුරුණෑගල ඇත්කඳ විහාරයේ දී ඉඩකඩ සළසා දී තිබුණි.