අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සිය රාජකාරි ආරම්භ කිරීම අද (25) උදෑසන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතය.
තවද විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන රැකි රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සිය ධූරයේ අද රාජකාරි අරඹයි.
එමෙන් ම කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ද අද (25) පෙරවරුවේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.