මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද මුදල් අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කළ මහින්ද රාජපක්ෂ මහතා වෙත මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ජනතා නියෝජිතයින් මෙන් ම ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වූහ.