රජයේ නිලපුවත් වෙබ් අඩවිය සිදු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් මහලේකම්වරයා මේ බව කීය.
එමෙන් ම මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ කටයුතු ද අවසන් වී ඇති බවත් හෙට දින පත් වන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය ද ලබුණු පසු ආසන පැනවීම් සියල්ල අවසන් කෙරෙන බවත් මහලේකම්වරයා පැවසීය.
පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධව කළ විමසීමට පිළිතුරු දුන් මහලේකම්වරයා සඳහන් කළේ, මේ දක්වා ඒ සම්බන්ධයෙන් තීරණයක් හෝ නිශ්චිත ප්‍රකාශයක් සඳහන් කිරීම සිදු කළ නොහැකි බවයි.