තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ /උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද(26) ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩභාර ගැනීමේ උත්සවයේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අනුශාසනාව සිදු උන්වහන්සේ මේ බව පැවසූහ.
ඉතිහාසයේ හොඳම ජනසන්නිවේදකයා බුදුරජාණන් වහන්සේ බව පෙන්වා දුන් උන්වහන්සේ, රටක ජනමාධ්‍ය යනු ජනතාවගේ දෙඇස් සහ දෙකන් වැනි යැයි නිසා එම ඉන්ද්‍රියයන් දෙකම නිවැරදිව මෙහෙය විය යුතු යැයි ද පැවසීය.
එමෙන්ම ප්‍රතිපත්ති ගරුක ජනාධිපතිවරයෙක් සහ ආගමට ආදරය කරන අගමැතිවරයෙක් සිටින බවත් අඩු පාඩු නිවැරදි කරගනිමින් උතුරු නැගෙනහිර සහෝදර දෙමළ ජනතාව සමඟ සහයෝගයෙන් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සහය සහ අවශ්‍ය උපදෙස් ලබා දෙන බවත් උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.