පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි - විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාව

    නොවැම්බර් 27, 2019

    රජයට අයත් සංස්ථා, මණ්ඩල හා රාජ්‍ය වාණිජ ආයතන වල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස සේවය කිරීමට කැමති පළපුරුදු වෘත්තීයවේදීන්ගෙන් ජනාධිපති ලේකම්වරයා අයදුම්පත් කැඳවා ඇත.

    මේ අනුව රජයට අයත් නියාමන හා ප්‍රවර්ධන නියෝජිත ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ආයතන, වාණිජමය ආයතනයන්හි සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වශයෙන් සේවය කිරීමට කැමති වෘත්තීයවේදීන් තමන්ගේ ජීව දත්ත තොරතුරු ඇතුළත් යෝග්‍යතා විස්තරයක් තමන් අභිමත අංශයක් සංවර්ධනය කිරීම සඳහා වන සංක්‍ෂිප්ත යෝජනාවක් ද සමඟ ඉදිරිපත් කළ යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නිකුත් කොට ඇති නිවේදනයේ දැක්වේ.

    මේ සඳහ වන අයදුම්පත් හා යෝජනා දෙසැම්බර් මස 18 වන දිනට පෙර ජනාධිපති අතිරේක ලේකම්, ලේකම් කාර්යාලය, ජනාධිපති කාර්යාලය, කොළඹ - 01 ලිපිනයට යැවිය යුතුය.


    ජනාධිපති තුමා විසින් පත්කොට ඇති සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් සුදුසුකම් ඇති අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණයක් මඟින් තෝරා ගනු ලැබේ.


    මෙම තනතුරු සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ද සිය අභිලාෂයන් ඉදිරිපත් කළ හැකි බව ද ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ නමින් නිකුත් කර තිබෙන දැන්වීමේ සඳහන් වෙයි.

    apply job

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya