ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා පිළිබද තමා දැඩි අවධානයෙන් සිටින බවත්, පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් කිසිවිටෙකත් මොහුට රට හැර පළා යාමට ඉඩ නොතබන බවත් ඒ පිළිබද අදාල අංශ දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරිය පැවැසීය.
එමෙන්ම මොහු විසින් ඖෂධ ගෙන්වීමේ දී සහ බෙදාහැරීමේ දී සිදු කොට ඇති බවට පැවැසෙන දූෂණ, වංචා, මූල්‍ය අවභාවිතයන් පිළිබද සොයා බැලීම සදහා විශේෂ විමර්ශණ කොමිටියක් පත් කරන ලෙස තමන් අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දුන් බවත් ඊට අදාල කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බව ද අවධාරණය කරන ලදි.
තව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් ඖෂධ ගෙන්වීමේ දී හා බෙදාහැරීමේ දී සිදු කොට ඇති දුෂණ, වංචා ඇතුලු මූල්‍ය අවභාවිතාවන් පිළිබද තොරතුරු දන්නා අය වෙතොත් තමා වෙත පෞද්ගලිකව හෝ අමාත්‍යාංශය මගින් පිහිටුවීමට පියවර ගෙන ඇති විශේෂ විමර්ෂණ කොමිටිය වෙත ලිඛිතව හෝ වාචිකව නොපමාව දැනුම් දෙන ලෙස ද අමාත්‍යතුමිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.