අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී නව රජයේ ප්‍රථම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
පළමු කරුණ රටේ ආරක්ෂාව සහතික කිරීමේ කාරණය.එම වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තම අතට අරගෙන ඉතාම ඉහළින් සිදු කරනවා.රටේ ජනතාවට ආරක්ෂාව පිළිබඳ සහතිකය ලබ දී තිබෙනවා. පසුගිය රජය කාලයේ සිදු වූ ආර්ථික අවපාතය නිසා බොහෝ පිරිසක් ඉතා කණගාටුදායක තත්ත්වයට පත් වී සිටිනවා.
ප්‍රථම කැබිනට් මණ්ඩලය ලබා දුන් බදු සහනයන් හරහා ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ආර්ථික පුනර්ජීවනයක් ඇති වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය වගේම සංචාරක ක්ෂේත්‍රය වගේම අනෙකුත් අංශවල විශාල ප්‍රවර්ධනයක් ඉදිරි කාලයේ දී මේ රටේ කෘෂි කර්මාන්තය හා වැවිලි ක්ෂේත්‍රයේ බලාපොරොත්තු වෙනවා.
''වවන්නෝ දිනන්නෝ '' කියන මතය මේ රටේ යළිත් ස්ථාපිත කිරීමට කෘෂි කර්මාන්තයේ හා වැවිලි ක්ෂේත්‍රයේ පුනරුදය ඇති කිරීමට මේ රජය කටයුතු කරනවා. නුදුරේ දී ම මේ රටේ නිෂ්පාදනය කෙරෙන කෘෂි ද්‍රව්‍ය, පිටරටින් ආනයනය කරන ලංකාවේ නිෂ්පාදනය කළ හැකි සියලු කෘෂි ද්‍රව්‍ය නතර කිරීමටත් ක්‍රමාණුකූලව අඩු කිරීමටත් කටයුතු කරනවා. මේ රටේ ලක්ෂ 40 නොඅඩු කෘෂි කර්මාන්තයෙන් යැපෙන ජනතාවට ආර්ථික වශයෙන් සෞභාග්‍ය සම්පන්න කාලයක් උදා කරන්න රජය කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැසඊය.