මෙතෙක් ප්‍රමාදව පැවති නැගෙනහිර බහලු පර්යන්තයේ සංවර්ධනය වහාම ආරම්භ කළ යුතු බවත් එමගින් කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
2015 ට පෙර පැවති රජය නැගෙනහිර බහලු පර්යන්තයේ වැඩ ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සැලසුම් කර තිබිණ. එහිදී රජය වෙනස්වීමත් සමග තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් ව්‍යපෘතියේ කටයුතු ඇණහිට ඇති බව නිළධාරීහු ප්‍රකාශ කළහ. මෙසේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා කොළඹ වරායට විශාල මෙහෙයුම් ධාරිතාවක් අහිමි වී ඇති බව අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට පෙන්වා දෙන ලදි.
ඒ අනුව ප්‍රමාදයට හේතු වී ඇති කරුණු නිරාකරණය කර වහාම වැඩ ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය.
කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව වැඩිකිරීම සඳහා නැගෙනහිර බහලු පර්යන්තයේ කාර්යයන් ආරම්භ කරන ලෙසට වරාය වෘත්තිය සමිති සහ විවිධ පාර්ශ්වයන් කාලාන්තරයක් තිස්සේ කරන ලද ඉල්ලීම්වලට කඩිනම් අවධානය යොමු කරමින් වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (26) අමාත්‍යංශ නිලධාරීන් සමග අමාත්‍යංශ ශ්‍රවණාගාරයෙහි පවත්වන ලද සාකච්ඡාවේ දී මේ බව ප්‍රකාශ කෙරිණ.
වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක් වූහ.