ඉන්දියාවට ළඟා වූ ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගෙන තිබේ .ජනපතිවරයා අද (28) ශ්‍රී ලංකාවෙන් පිටත් වූ අතර පසුගිය ජනාධිපතිවරණය ජයගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහභාගී වන ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරය ද වෙයි.
ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහනයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් පළ කර තිබූ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දීය සංචාරය සඳහා පැමිණෙන ලෙස ආරාධනා කර තිබුණි.
ජනාධිපතිවරයා එම ආරාධනය පිළිගනිමින් සිය පළමු සංචාරය මෙලෙස සිදු කර තිබේ.
මෙම සංචාරය සඳහා කිසිදු දේශපාලඥයකු එක් නොවීම ද විශේෂත්වයයි. එමෙන් ම දස දෙනෙකු පමණ ඉතා කුඩා දූත කණ්ඩායමක් සංචාරය සඳහා එක්වීම ද විශේෂත්වයයි.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සඳහා කුඩා කණ්ඩායමක් සහභාගී වීම සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදය මේ වනවිටත් හිමිව තිබේ.
ඉන්දීය සංචාරය අතර තුර සුවිශේෂී වැදගත්කමකින් යුතු ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය මේ වනවිටත් වාර්තා කොට තිබේ.