පළමු අදියර දෙසැම්බර් මස 24 වනදා සිට ලබන වසරේ ජනවාරි 02 වනදා දක්වා සහ දෙවන අදියර ජනවාරි 17 වනදා සිට 26 වනදා දක්වා සිදුකෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පාසැල් 84ක ස්ථාපිත කර ඇති ඇගයීම් මධ්‍යස්ථාන 108කදී පළමු අදියරයේ ඇගයීම් කටයුතු සිදුකරයි. එම පාසල් 84න් 47ක් ජනවාරි 03වනදා ආරම්භ කිරීමට නියමිත අතර අනෙක් පාසැල් නියමිත පරිදි නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි මස 02වන දා ආරම්භ වීමට නියමිතයි.