2018 අවසන් වන විට එච්.අයි.වී ආසාදිතයින් පුද්ගලයින් 1574 දෙනෙකු දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායන වලින් ප්‍රතිකාර ලබාමින් සිටින බවත්, 2019 සැප්තැම්බර් මාසය වන විට එම සංඛ්‍යාව 3393 දක්වා ඉහළ ගොස් ඇති බවත්,හෙට්ටි ආරච්චි මහත්මිය සඳහන් කරයි.
ශ්‍රි ලංකාවේ නව එච්.අයි.වි. ආසාදන වැඩිපුර වාර්තා වන්නේ පිරිමි - පිරිමි සම්බන්ධතා පවත්වන අය අතරවීම විශේෂත්වයක් බව ද අධ්‍යක්ෂවරිය තවදුරටත් කීවා ය.
මේ අතර 2019 ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් රුධිර පරික්ෂණ සිදු කිරිමේ විශේෂ සායනයක් නොවැම්බර් 29 වැනි සිකුරාදා කොළඔ නගර සභා එළිමහන් පරිශ්‍ර යේ දී පැවැත්විණි.