අද (01) පස්වරුවේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අද දහවල් විභාග කොමසාරිස්වරයා සමඟ මේ පිළිබඳ සාකච්ඡාවක සිදු කර ඇති බවත් ඒ අනුව කිසියම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධා එල්ල වී ඇති සිසුන්ට ඒ සදහා දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වා දී ඇත. ඒ අනුව විභාගයට පෙනී සිටින සිසුන්ට අයහපත් කාලගුණයෙන් කිසියම් බාධාවක් එල්ල වී ඇත්නම් හදිසි දුරකථන අංක 1911 අමතා දැනුම් දිය හැකි බව ද අමත්‍යවරයා සඳහන් කළේ ය.
තවද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකයට සහ 077 3 957 903, 077 3 957 898 හෝ 077 2 320 530 යන අංකවලට ඒ පිළිබද දැනුම් දිය හැකිවෙයි.