මෙම පනත් කෙටුම්පත වසර 15ක් තිස්සේ රාජ්‍ය ආයතනවල ප්‍රමාද කෙරෙමින් තිබූ බවත් එය කඩිනම් කිරීමට රාජ්‍ය ගිණුම් කාරක සභාවට හැකි වූ බවත් අලගියවන්න මහතා පැවසීය.
මෙයට අමතරව ලක්ෂ තුනකට ආසන්න විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන් සඳහා අනුයුක්ත කර ඇත්තේ සංඥා පරිවර්තකයන් 06 දෙනෙක් පමණක් බවද පැවසූ රාජ්‍ය අමාත්‍යතුමා එම සංඛ්‍යාව වැඩි කර ඊට අවධානය යොමු කිරීමට රෙගුලාසි සහිත නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
ඒ් මහතා මේ බව පැවසුවේ විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන් සඳහා වූ ජාත්‍යයන්තර දිනය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මීට අමතරව මේ හරහා විශේෂ අවශ්‍යතාවයන්ගෙන් යුත් ආබාධිත දරුවන් සඳහා ලබා දෙන සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය ප්‍රමාණවත්ද යන්න හා අධ්‍යාපනයෙන් පසු ඔවුන් රැකියාවක් සඳහා යොමු කිරීම හෝ ස්වයං රැකියාවක් කිරීමට හැකි වන පරිදි ප්‍රමාණවත් වෘත්තීය පුහුණුවක් ලබා දීම මෙන්ම ආබාධිත පුද්ගලයන් හට සමාජයේ අනෙකුත් පාර්ශවයන්ට හිමි සියලුම අයිතිවාසිකම් හිමි වන්නේද යන්න පිළිබඳවද අවධානය යොමු කරනු ලබයි.