ඔක්තෝබර් 07 දින සිට නොවැම්බර් 26 දින දක්වා කාලය තුළ මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට (1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා) අදාළ ව නීති විරෝධී ව නිකුත් කරන ලද ලිපි 427ක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ.
ඇතැම් ලිපිවල අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ව්‍යාජ අත්සන් යොදා ඇති බව ද මේ වනවිට හෙළි වී ඇත. ඒ අනුව, මේ පිළිබඳ කඩිනමින් විමර්ශනය කර, සති තුනක් ඇතුළත තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් වෙත නියෝග කර ඇත.