දකුණු ආසියානු කලාපයේ රටවල් විසින් සනීපාරක්ෂාව සම්බන්ධයෙන් අත් කරගනු ලැබ ඇති ප්‍රගතිය පිළිබඳව ප්‍රායෝගික පාඩම් ඉගෙන ගැනීම,උගත් පාඩම් බෙදාහදා ගැනීම සහ නව සොයාගැනීම් හා ප්‍රායෝගික පිළිවෙත් හඳුනාගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩමුළුව පැවැත්වේ.
සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුවෙහි සාමාජික රටවල නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ අදාළ විෂය සම්බන්ධ වෘත්තිකයන්, රාජ්‍ය අංශයේ අදාළ නිලධාරීන් සහ දේශිය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතය.
මේ පිළිබඳව අග්‍රාමාත්‍ය සහ නාගරික සංවර්ධන,ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇත.