ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රීපාද බැතිමතුන් වෙනුවෙන් ක්‍රමවත් සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවාවක්

    දෙසැම්බර් 09, 2019

    ශ්‍රිපාද වන්දනා සමය දෙසැම්බර් 11 වන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන බැවින් වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්  ක්‍රමවත් සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවාවක් සැපයීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (පරිපාලන) ජයන්ත කුමාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.

    මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ යම් අවදානමක් පවතින බැවින් ප්‍රදේශය ආශ්‍රිතව මදුරුවන් පලවා හැරීමේ  දූමකරණය හා පවිත්‍රතා කටයුතු අද දිනයේ (09) සිදු කෙරෙන බව ඒ මහතා සඳහන් කළේය.

    ශ්‍රිපාද වන්දනා සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සියලුම දන්සැල් හි සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ද  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු වන බව කීය.

    මෙහිදී සියලුම සනීපාරක්ෂක කටයුතු රත්නපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. කැළිකසල නිසි ලෙස බැහැර කරමින් අවට පරිසරය ද සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙස සිරිපා වන්දනාමාන කිරීමට පැමිණෙන සියලු බැතිමතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද ජයන්ත  කුමාර මහතා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya