ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශයට පත්කොට ඇති “ලෝක ප්‍රතිජීවක ඖෂධ පිළිබඳ දැනුවත් කිරීමේ සතිය” නිමිත්තෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ අද (09) පැවති සම්මන්ත්‍රණයකදී ඒ මහතා මේ බව කීය.
වර්තමානයේ බොහෝදෙනා උණ වැනි සාමාන්‍ය රෝග සඳහා ද ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරන අතර ඒවා ඉතා භයානක වන්නේ දිගටම ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම නිසා වෙනත් ලෙඩරෝග වලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය නැති වී යන නිසා බවද විශේෂඥ වෛද්‍ය බෙනරගම මහතා මෙහිදී තවදුරටත් පැවසීය.
සමහර ආයුර්වේද වෛද්‍යවරු හා හෝමියෝපති වෛද්‍යවරුන්ද රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ නියම කිරීමට පටන්ගෙන ඇති බවද වාර්තා වී තිබේ. වෛද්‍ය සභාවේ ලියාපදිංචි පිළිගත් වෛද්‍යවරුන් විසින් පමණක් නිර්දේශ කළ යුතු ප්‍රතිජීවක ඖෂධ වෙනත් අය විසින් නියම කිරීමට යාම සෞඛ්‍ය බලධාරීන්ට බලවත් ප්‍රශ්නයක් බවද ඒ මහතා සඳහන් කළේය.
මේ නිසා ප්‍රතිජීවක ඖෂධ භාවිතය ගැන ජනතාව දැනුවත් කළ යුතු බවත් මේ සඳහා වෛද්‍යවරුන්ට මෙන්ම ජන මාධ්‍යයටද වගකීමක් පැවරී ඇති බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා තව දුරටත් කීය.
ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමේ නිසි ක්‍රමවේදය හඳුනා ගැනීමට ජනතාව හුරු කිරීම අතිශයින්ම වැදගත් වන්නේ යැයි මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන් සම්බන්ධීකාරක වෛද්‍ය සපුමල් ධනපාල මහතා සහ ශ්‍රිී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක මහත්මියද මෙහිදී දේශන පැවැත්වූහ.