ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බලයි -වංචනික පුදල්ගලයින් අත්අඩංගුවට ගන්න- අමාත්‍ය මහින්ද අමරවීර

    දෙසැම්බර් 10, 2019

    මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාලය අසල සිටින තැරැව්කරුවන්ගෙන් සිදුවන විවිධ හිංසා පිළිබඳව තමා වෙත පැමිණිලි ලැබී ඇති බව මඟී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

     මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට ඊයේ (09) පෙරවරුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.

    එහිදී අමාත්‍යවරයාගේ අවධානයට ලක්වූ කරුණක් වූයේ මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් ශාඛා කාර්යාලය අසළ තැරැව්කරුවන් විශාල පිරිසක් රැඳී සිටින බවයි.

    මෙම තැරැව්කරුවන් විශාල පිරිසක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තම කටයුතු කර ගැනීමට පැමිණෙන මහජනතාව හිංසාවට හා පීඩාවට පත් කරමින් සිටින බවත් ඔවුන් හොර මුද්‍රා යොදා ගනිමින් හොර සහතික නිකුත් කරන බවත්, ඒ සඳහා විශාල ලෙස ගාස්තු අයකරන බවත් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

    මේ පිළිබඳව මහජනතාවගෙන්ද තමන් මුහුණදුන් විවිධ හිංසාවන් පිළිබඳව තමා වෙත පැමිණිලි ලැබී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.


    ඒ අනුව මේ පිළිබඳව සොයා බැලීමට තමා මෙලෙස හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවද, මහජනතාව තමා වෙත කරන ලද පැමිණිලි මෙහිදී තහවුරු වූ බවද ඒ නිසා මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට මේ වංචනික පුදල්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක අංශවලට පැමිණිලි කරන ලෙසට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා පැවසීය. දිස්ත්‍රික් කාර්යාල අසළද මෙලෙස රැඳී සිටින තැරැව්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසද තමන් ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීම් කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම නිරීක්ෂණ චාරිකාවේදී ප්‍රකාශ කළේය.


    එමෙන්ම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් බලාපොරොත්තුවෙන් පැමිණෙන ජනතාවගෙන් තමා ඉල්ලා සිටින්නේ මෙම වංචනික තැරැව්කරුවන්ට හසු නොවන ලෙසත් අවශ්‍ය කාර්යය සඳහා සෘජුවම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී තම කටයුත්ත කරගන්නා ලෙසත්ය. ඒ සඳහා අවශ්‍ය උපදෙස් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya