පෙබරවාරි 28, 2025
tami eng youtube  twitter facebook

    වැසි තත්ත්වයේ තරමක අඩුවීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 10, 2019

    දිවයිනේ උතුරු අර්ධයේ දැනට පවතින තද වැසි තත්ත්වය හෙට (11) දින සිට තරමක් දුරට අඩුවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (10) නිවේදනය කරයි.

    නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව, තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75-100 පමණ තරමක තද වර්ෂාපතනයන්ද, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50-75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya