ජල සම්පාදන, සනීපාරක්ෂක සම්බන්ධීකරණ කවුන්සිලය හා මහා බ්‍රිතාන්‍ය සංවර්ධන අධ්‍යයන ආයතනයේ ආධාරයෙන් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාකරන සනීපාරක්ෂාව සඳහා වූ කලාපීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සාර්ක් කලාපීය සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පිළිබඳ වේගවත් ක්‍රියාකාරී ඉගැන්වීමේ වැඩමුළුව සමාරම්භකිරීමෙන් අනතුරුව අදහස් දැක් වූ ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව අනාවරණය කළේය.
සාර්ක් කලාපීය රටවල නියෝජිතයන් 60දෙනෙක් පමණ සහභාගී වන මෙම වැඩමුළුව දෙසැම්බර් 09 සිට 11 දක්වා මීගමුව ගෝල්ඩි සෑන්ඩ් හෝටලයේ දී පැවැත් වේ.
විවෘතව මළපහ කිරීමෙන් තොර පරිසරයක්, අත්දැකීම් බෙදා ගැනිම හා සෑම අයෙකුටම ලැබෙන සේ සනීපාරක්ෂක ප්‍රගතියක් අත්කර දිම සඳහා මෙම වැඩමුළුව දකුණු ආසියානු රටවල ක්‍රියාත්මක කරනු ලබන ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් ඉගෙනීම් බෙදා ගැනීමට අපේකෂා කරයි. කලාපීය රාජ්‍ය නිලධාරීන් හා වෘත්තිකයන් අතර දැනුම බෙදාගැනීමේ සම්බන්ධතා පෝෂණය කිරීම උදෙසා දෙවන පියවර වශයෙන් මෙම වැඩසටහන සලකනු ලබන අතර ‘සාකොසාන්’ සමුළුවේ වගකීම් ක්‍රියාවන්ට පරිවර්තනය කිරීමේ අනුපූරක ක්‍රියාවලිය වශයෙන් ද විශ්වාස කරනු ලැබේ.
ජල සම්පාදන මණ්ඩලය පිහිටුවා තිබෙන්නේ ජනතාවට ආරක්ෂිත පානීය ජලය නළ මාර්ගයෙන් ලබා දීමේ මහඟු සේවය කිරීමටයි. එයින් ලාභ ලැබිමේ ක්‍රියාවට වඩා ජනතාවට සේවය කරමින් ඒ අයගේ ජීවන තත්වය නංවාලීම සඳහාය.
දකුණු ආසියාවේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ඉතා ඉක්මනින් ඉගෙන ගන්නා වූ වැඩමුළුව පවත්වන්නේ අපේ දකුණු ආසියානු සනීපාරක්ෂක මධ්‍යස්ථානය (Regional Center for Sanitation) විසිනි. මෙම දකුණු ආසියානු සනීපාරක්ෂක මධ්‍යස්ථානය ලංකාවේ පිහිටුවා තිබෙන්නේ 2017 වර්ෂයේ සාමාජික රටවල් ගනු ලැබූ තීරණයකට අනුවයි. මෙහි ප්‍රතිඵලයක් වන්නේ අපේ රටෙත්, මුළු දකුණු ආසියාවෙත් මේ සනීපාරක්ෂක පහසුකම් ලබා දීමේ වැඩ පිළිවෙළ වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය සොයාගෙන එය අපේ රටේ ක්‍රියාවට නංවාලීමයි. ඒ සඳහා වුවමනා කරන අවශ්‍ය දනුම, ඥානය එකිනෙකා අතර හුවමාරු කර ගැනීමයි.
''අද අපිට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි වතු පාලනය කරන කොම්පැනිකාරයෝ එහි ජීවත් වන ජනතාවට වැසිකිළියක් හදා ගන්න ඉඩ දෙන්නේ නෑ. රජය හැටියට මැදිහත් වෙලා ඒ මිනිස්සුන්ට වැසිකිළියක් සදා ගැනීමට වුවමනා කරන පහසුකම් දීලා, ඒ මිනිසුන්ගේ සහයෝගයත් අරගෙන ඒ වැසිකිළි පහසුකම් ඉතා ඉක්මනින් වැවිලිකරයේ ලබා දීමේ වැඩ පිළිවෙළ දියත් කිරීමයි. අපේ මේ වැඩ මුළුවේ එක ප්‍රතිඵලයක් විදිහට මම විශ්වාස කරනවා. පැවති රජයට පමණක් නොවෙයි. හැම රජයකටම මෙම විෂය පිළිබඳ. දේශපාලන අධිෂ්ඨානයක් තියෙන්න ඕන. මේකට දේශපාලන අධිෂ්ඨානය තියෙනව නම් තමයි මේවා හරියාකාරව සිදු කිරීමට හැකිවන්නේ.
තවද ඒවාට වුවමනා කරන සම්පත් තියෙන්නත් ඕන. ප්‍රමුඛතාවයක් දෙන්නත් ඕන. මේ ආණ්ඩුව දැනට යන්නේ කලින් වෙන්කරන ලද ප්‍රතිපාදනවලින් ය. අලුත් වැඩක් නිසා කිසි දෙයක් වෙන් කරලා නෑ, සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවා, අලුත් අය වැය එනතුරු ලෝක බැංකුවෙන් ලැබුණු ඒ මුදල යොදාගෙන ක්‍රියා කරගෙන යන්න පුළුවන්. අවුරුදු තුනෙන් තුනට නියමිත ආකාරයට වතුර බිල වැඩි කළ යුතුයි.
නමුත් පසු ගිය කාලයේ වතුර බිල වැඩි කළේ නෑ හේතුව මිනිසුන්ට අමාරුයි. මෙච්චර බදු ගෙවද්දී කොහොමද වතුර බිල වැඩි වුණොත් ඒකට අපි කවුරුත් විරුද්ධ වුණා. ඒ නමුත් අපි එක ප්‍රතිවිරෝධයක් සොයන්න ඕන.
ටික දෙනෙක් හුඟක් වතුර පාවිච්චි කරනවා.වැඩි දෙනෙකුට පාවිච්චි කරන්න වතුර හිඟයක් පවතිනවා. මේ ප්‍රතිවිරෝධය අපි විසඳීමේ දී වැඩියෙන් වතුර පාවිච්චි කරන ඉහළ ආදායම් ලබන අයට පමණක් වැඩියෙන් අය කිරීමට බලාපොරොත්තු වෙනවා.
මහා බ්‍රිතාන්‍යයේ සංවර්ධනය සඳහා වූ අධ්‍යයන ආයතනයේ රොබට් චේම්බර්ස්, ජල සම්පාදන හා සනීපාරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ කවුන්සිලයේ අධ්‍යක්ෂ නිනෝද් මිෂ්රා, ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.සී.එම්.නෆීල්, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජයලත් හේරත් රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන කේ.පී.එම්.ප්‍රියංකා මහත්මිය ඇතුළු සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ උපදේශක ආනන්ද ජයවීර මහතා සහ අදාළ ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීහු මෙම සමාරම්භක උත්සවයට එක් වූහ.