විශේෂයෙන්ම වාකරේ සිට මඩකලපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සමග තද සුළං සහිත තත්ත්වයක් ඇති විය හැක.
පැයට කි.මි.70-80 පමණ තද සුළං සහිත තත්ත්වයක් සහ එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩි වීමේ හැකියාවක් පවතී. මේ නිසාවෙන් ධීවර හා නාවික කටයුතු වලට යම් අනතුරුදායක තත්ත්වයක් පවතින බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතුය.
මේ වන විට බදුල්ල, නුවර, නුවරඑළිය හා මොනරාගල දිස්ත්‍රික්කයන්ට ලබා දුන් නායයාම් පිළිබඳ නිවේදනය තව දුරටත් වලංගු වන අතර එම ප්‍රදේශයන්හි ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීය.
පොළවේ ඇති පැලුම්, ඉරිතැලීම් හා ගස් විදුලි කණු ඇලවීම් වැනි තත්ත්වයක් ඇති වුවහොත් වහාම එම ප්‍රදේශයන්ගෙන් වහාම ඉවත් වන ලෙස දැනුම් දුනි. රාජාංගනය ඇතුළු වාං දොරටු රැසක් තවමත් විවෘතව පවතින බැවින් පහල වාරි කලාපවල ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවද පැවසීය.
එසේම පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් මේ වන විට පුද්ගලයින් එක් ලක්ෂ පනස්දහසක් පමණ පීහාවට පත් වී ඇති අතර පුද්ගල මරණ 06, තුවාලකරුවන් 08 දෙනෙක් ඒ අතර වේ. එසේම පූර්ණ නිවාස හානි 29ක් හා අර්ධ නිවාස හානි 1172 ක් වාර්තා වේ. නිවාස හානි වෙනුවෙන් උපරිම ලක්ෂ 25 දක්වා ලබා දීමට ද කටයුතු කෙරේ.
මේ වන විට ආරක්ෂක ස්ථාන 64 ක් තුළ පුද්ගලයන් 7100 පමණ තාවකාලිකව රැඳී සිටින අතර මොවුන් සඳහා ආපදා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වේ. සියලු ආපදා තක්සේරු කටයුතු ප්‍රාදේශිය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර ඇති අතර ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් ජනතාවට අවශ්‍ය ප්‍රතිපාදන එම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇත.
යම් හදිසි අවස්ථාවක් දැනුම්දීම සඳහා 117 දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවද ඒ මහතා ජනතාව වෙත දැනුම් දුනි.