ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ජනතාව බලාපොරොත්තුවන පෙරළිය සිදුකළ හැකියි

    දෙසැම්බර් 12, 2019

    ජනමාධ්‍ය ක්ෂේත්‍රයත්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයට අයත් අනිකුත් ආයතනත් අධීක්ෂණය කරමින් සාමූහිකව එකතු වී කටයුතු කරමින් ජනතාව බලාපොරොත්තු වන පෙරළිය සිදු කරන්නට හැකි වනු ඇති බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (12) කියා සිටියේය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (12) මහචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යංශය ලේකම්වරයා ලෙස රාජකාරි ආරම්භ කරන අවස්ථාවට එක්වෙමිනි.

    නව රාජ්‍ය ලේකම්වරයාට සුභපැතුම් එක් කළ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, නව ලේකම් වරයා ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට අමුත්තෙක් නොවන බවත්, බලාපොරොත්තු වන ආකාරයට ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාමට සාමූහිකව වගකීමක් ගෙන අමාත්‍යංශයේ වැඩකටයුතු කටයුතු කරන බවත් කියා සිටියේය.

    අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya