ඉන් අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය වැඳ ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවේ දී කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් ප්රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් කිරිවෙහෙර චෛත්‍යය අබියස දී සෙත් පිරිත් සජ්ජායනා කරමින් මාහට ආශිර්වාද කළේය.
ඉන් අනතුරුව මා අෂ්ඨඵල බෝධිය වැඳ ආශිර්වාද ලබා ගත්තේය. පසුව රුහුණු කතරගම මහා දේවාලය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව අභිනවාරාම විහාරය වෙත ගොස් විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය