ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය ජනපති නිරීක්ෂණයට

    දෙසැම්බර් 16, 2019

    හම්බන්තොට නගර සභාවට අයත් කොම්පොස්ට් අංගනයේ පිහිටි ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ඊයේ (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

    හම්බන්තොට නගරයේ කැළි කසළ ගැටලුවට විසඳුම් ලෙස දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 50ක් කොම්පොස්ට් බවට පත්කළ හැකි මෙම ව්‍යාපෘතිය ජයිකා ආධාර යටතේ ආරම්භ කෙරිණි. ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතුමා අදාළ නිලධාරින්ට සහ කොන්ත්‍රාත් සමාගම් වෙත උපදෙස් දුන්නේ ඉදිකිරීම් කඩිනම් කර මසක් ඇතුළත එහි මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි.
    ජනාධිපතිතුමා හදිසියේම මෙම චාරිකාවට එක් වූ අතර හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මිට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya