තවද ඒ ඒ සුදුසුකම් යටතේ සුළු සේවකයින්ටද රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් ලබන වසරේ ජනවාරි මස 15 වනදා සිට ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ, අද(17) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
මෙහදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව කීය.
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතාවය ඉහළ නැංවීම උදෙසා ජාතික පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ඒ මහතා, මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් සහ සහන වාහන ණය යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කරන බව පැවසීය.
පූර්ණ කාලීනව මාධ්‍ය ක්ෂේත්‍ර යේ නියැලෙන ජනමාධ්‍යවේදීන්ට පළාත් මට්ටමින් ජනමාධ්‍ය Press club පිහිටුවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම රජයේ යුතුකම බවත් ඒ වෙනුවෙන් මැදිහත් වෙමින් මෙම සහන ක්‍රියාත්මක කරන බවත් පැවසූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට සෑම විටම රජය කටයුතු කරන බවත් සඳහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනපතිධූරයට පත් වීම සාධාරණ ලෙස බලය හුවමාරු වූ අවස්ථාවකට නිදසුනක් බවද කිසිවෙකුටත් එහිදී පීඩාවක් නොවූ බවද පැවසූ ඒ මහතා රටේ ප්රබෝධයක් ඇති වී තිබෙන මේ මොහොතේ තරුණ තරුණියන් පවා රට පිළිබඳව හැඟීමකින් කටයුතු කරන බවද එහෙත් ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය වැනි සිද්ධීන්ගෙන් අතැම් පිරිස් අපේ රට, රටවල් අතර සහ ලෝකයේ අපකීර්තියට ලක් කරන බවද සඳහන් කර සිටියේය.