මේ වනවිට ආයතනය තුළ පවතින තත්ත්වය, මුහුණ දි තිබෙන ගැටළු හා ඊට අදාළ දිගුකාලින හා කෙටිකාලින විසදුම් යෝජනා ඊට ඇතුළත් වියයුතු බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු බලධාරින් සමග ඊයේ (17) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. ජනාධිපතිවරයාගේ'' රට හදන සෞභාග්‍යයේ දැක්ම'' ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙල සංචාරක ගුවන්සේවා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන තුළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා රැස්වීම කැදවා තිබිණි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කටයුතු දේශීයත්වයට ප්‍රමුඛතාවය ලබා දෙන ආකාරයෙන් කටයුතු කරන ලෙස උපදෙස් දුන් රණතුංග මහතා, ගුවන් යානාවල මගීන්ට සංග්‍රහ කිරිම් වැනි කටයුතු වල දි ඒ සදහා දේශීය නිෂ්පාදන ලබා ගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.
''ඔය සමාගම්වල තියෙන ටෙන්ඩර් වලට සාමාන්‍ය මිනිහෙකුට අයදුම් කරන්න බැරි තරම් නීති රීති වලින් වැහිලා. ඒක නැති වෙන්න ඕනැ. මේ රටේ ඕන තරම් දේශීය ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඇයි අපිට ඒ අයට අවස්ථාව දෙන්න බැරි'' ඇමතිවරයා මෙහිදි ප්‍රශ්න කළේය.
'';ජනාධිපතිතුමාගේ අපේක්ෂාව දේශීය කර්මාන්ත දියුණු කිරීම. අපි ඒ සදහා කටයුතු කළ යුතුයි. ජාතික සම්පත් විකිණීම අපේ රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි. ඒ නිසා මේවා දියුණු කරන්න ඕනේ. ලාබ ලබන තත්ත්වයට ගෙන එන්න ඕනේ. ඒ සදහා අපි කැපවීමෙන් කටයුතු කරන්න ඕනේ'' ඇමතිවරයා කීවේ ය.
මෙහි දි අදහස් දැක්වු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සදහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි. කලාපයේ දියුණුම ගුවන් සේවාව බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය පත් කිරීම සිය අපේක්ෂාව බව ද සභාපතිවරයා කීවේය.
රට නගන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙල පිළිබද ව
අචාර්ය ජගත් වැල්ලවත්ත මහතා මෙහි දි නිළධාරින් දැනුවත් කළේය.
අමාත්‍යාංශ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය ඇතුළු නිළධාරිහු මෙම
අවස්ථාවට එක් වූහ.