ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ජර්මන් රජයේ මූල්‍ය ආධාර මත මහමෝදර මාතෘ රෝහල ප්‍රතිසංස්කරණයට

    දෙසැම්බර් 18, 2019

    ජර්මන් රජයේ මූල්‍ය ආධාර මත මහමෝදර මාතෘ රෝහල ප්‍රතිසංස්කරණය ජර්මනියේ KfW වෙතින් ලබාගත් මූල්‍ය ආධාර මත මහමෝදර මාතෘ රෝහල ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතී. හෙල්මුට් කෝල් පදනමේ ආධාරයෙන් ආරම්භ කරන ලද එම රෝහල ඉදිකිරීම සඳහා KfW විසින් යුරෝ මිලියන 28 ක ණය මුදලක් ආරම්භයේදී ලබා දී ඇත.

    රෝහලේ ඉදි කිරීම් කටයුතුවල අමතර පිරිවැය ඉහළ යෑම සහ රෝහලේ අමතර අවශ්‍යතා ආවරණය කිරීම් කටයුතු වෙනුවෙන් KfW විසින් යුරෝ මිලියන 13 ක අතිරේක ණය මුදලක් ද ලබා දී ඇත. මේ වනවිට රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින අතර 2020 මැද භාගයේදී රෝහල විවෘත කිරීමට බලාපොරොත්තු වේ.


    මේ අතර, ජර්මානු රජය තාක්ෂණික ආධාර සඳහා යොදා ගැනීමට යුරෝ මිලියන 2.1 ක ප්‍රදානයක් ලබා දීමට එකඟ වී ඇත. මෙම ප්‍රදාන මගින් මූල්‍යාධාර සපයන තාක්ෂණික ආධාර ක්ෂේත්‍රවලට රෝහල් කළමනාකරණ පද්ධතියක් (HMIS) හඳුන්වාදීමට සහාය වනු ඇත. (ප්‍රසම්පාදනය කටයුතු, දෘඩාංග හා මෘදුකාංග ස්ථාපනය කිරීම මෙන්ම ජාතික HMIS වලට අනුකූලව කාර්ය මණ්ඩල පුහුණුව ද ඇතුළුව); රෝහල් උපකරණ සහ ගොඩනැගිලි කටයුතු ශක්තිමත් කිරීම සඳහා සහාය වීම (නඩත්තු සැලසුම් සංවර්ධනය කිරීම හා හඳුන්වාදීම, නඩත්තු කාර්මික ශිල්පීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම, නඩත්තු උපකරණ ප්‍රසම්පාදනය කිරීම); දැඩි සත්කාර සේවය හා රෝහල් සනීපාරක්ෂාව වැනි ඉතා සංවේදී අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ගුණාත්මක කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සහාය වීම; ජාත්‍යන්තර රෝහල් සමඟ ද්විත්ව විධිවිධාන යොදා වෛද්‍ය කාර් ය මණ්ඩලයේ පුහුණු හා වැඩිදුර අධ්‍යාපනය සැලසීම. ශ්‍රි ලංකා රජය වෙනුවෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එම්. පී. රත්නායක මහතා විසින් ජර්මානු රජය සමඟ අන්තර් රාජ්‍ය ගිවිසුමක් ද KFW සමඟ ප්‍රදාන ගිවිසුමක් ද මේ සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 17 වැනි දින අත්සන් කරන ලදී. ජර්මානු රජය වෙනුවෙන් ජර්මානු තානාපති ජෝන් රොබ් සහ KFW වෙනුවෙන් KFW සංවර්ධන බැංකුවේ ප්‍රධාන ව්‍යාපෘති කළමණාකාරිණි ඇන්ඩ්‍රියා ගෝඩන් මහත්මිය ගිවිසුම්වලට අත්සන් තබන ලදි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya